RHMCT RATNAYAKE
Srilanka Since 04.02.1948,
අද 22.03.2022.
🌅🌏🌳🏞️🌈🌾♥️☸️🇱🇰🇬🇧🙏🇱🇰
එදා යම්කිසි පිරිසක් රහසිගතව සැලසුම් කර නැව් නැගී ගොස් දෙවන එලිසබෙත් රැජින හමුවී,ඇය රවටානියම උරුමක්කරුට නිසි ලෙස දීමට ඇය අණ කර තිබූ ....+
සැබවින්ම එදා ඒ ගත්තේ නිදහසද රටේ ජාතියේ ආගමේ පරිහාණියද ?
ශ්‍රීලාංකික සොයුරු සොයුරියනි දෙමාපියනි,ඔබගේ බහුතරය එනම් 75% පමණ සිංහල ය. එහෙත් දෙමළ සහ මුස්ලිම් අයට ඔවුන්ටම අනන්‍ය වූ ප්‍රබල පක්ෂ ඇත. ප්‍රදීපාගාරය චන්දලකුණ වූ ද්‍රවිඩ ඊලාම් විමුක්ති සංවිධානය ( Tamil Ealam Liberation Organization ) සහ ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය (S.L.M.C) උදාහරණ දෙකක් පමණි ලියාපදිංචි කල පක්ෂ 80 ක් තිබේ. දෙමළ සහ මුස්ලිම් පක්ෂ තම වර්ගයා වෙනුවෙන් අවංකව කැපවීමෙන් කටයුතු කරන බව පෙනේ...
1948 නිදහස දුන්නාද ? සැබැවින්ම 1948 ආසන්නයේ ඉන්දියාවේ නිදහස පතා කල සටන් වලදී ඉංග්‍රීසි හමුදා සෙබළුන් මෙන්ම ඉන්දියානු පුරවැසියන් අමානුෂික ලෙස එකිනෙකා මරා ගත්තා. ඒ නිසා දැඩි කම්පාවට පත් උපතින්ම කාරුණික බුද්ධිමත් තැනැත්තියක් වූ රැජින ඉන්දියාවට නිදහස දෙන ලෙස අණකලා. සියලු සත්‍ය තොරතුරු සහ වාර්තා "THE FREEDOM AT MIDNIGHT" ග්‍රන්ථයේ තිබෙනවා.ඒ සමගම සංචාරය කල පළමු ගමනේදී ම ලංකාව ගැන ආදරයක් ඇති කරගෙන තිබූ රැජින, සිංහල බෞද්ධ රාජධානිය ද වහාම නියම උරුමක්කරුවන් සොයා භාර දීමට අණ කලා___ එම තොරතුරු ඉලක්ක කර ගත් 1800 ටත් පෙර සිට සිංහල ජාතිය විනාශ කරමින් ඉංග්‍රීසි හමුදාවට සහාය දුන් කළු සුද්දන් පිරිසක් සූක්ෂම සැලසුම් මත නැව් නැග ගොස් එංගලන්තයේ දෙවන එලිසබෙත් රැජින හමුවී ඇය රවටා තම අතට ගත්තාද ? එය දන්නේ දුන් අය සහ ගත් අය පමණයි. දුන් අය තවම සිටී____
අදටත් අවංක බුද්ධිමත් මිනිසුන් කියන්නේ රැජින යටතේ GOVERNMENT OF CEYLON තිබුණා නම් ඉතාම හොඳ බවයි. ඉන්දියාවට වුවත් ඒ කථාව ඉතාම සාධාරණයි කියා මට සිතේ. මොකද රැජින ප්රමුඛ මහා බ්‍රිතාන්‍ය පාලකයන් අවංකව නිවැරදිව තම කටයුතු කරන නිසාය. අදටත් ශ්‍රීලාංකිකයන් සහ ඉන්දියානුවන් එංගලන්තයට යන්නේ හරිම ආසාවෙනි.
ඉන්දියානු මෙන්ම ශ්‍රීලංකා පාලකයන්ද මෙතෙක් කලේ "පක්ෂ" අටවාගෙන බොරුවෙන් හොරකමෙන් කුමන්ත්රණයෙන් සහ අපරාධයෙන් තම රට වැසියන් අඳුරින් අඳුරට ඇද දැමීම පමණි. "පක්ෂ" ක්‍රමයේදී ජනතාව පක්ෂ වලට බෙදා එකිනෙකා දරුණු ලෙස කෙටවීමට පක්ෂ අයිතිකරුවන් නිරතුරුවම අවංක දැඩි වෙහෙසක් කැපවීමෙන් ගනිති. ශ්‍රී ලංකාවේ කොල පාට පමණක් රජකරමින් , අධිරාජ්‍යයන් තුනකට ට්‍රිලියන දහස් ගණන් මුදල් පොම්ප කරපු කිසිවෙකුට ණය නැති එහෙත් ආදායම් දසදෙසින් ගලා ආ රට පාලකයන් නෑදෑ හිතවතුන් සහ හෙංචයියන් සිතූ සේ භුක්ති විඳිද්දී,මහා බ්‍රිතාන්‍ය විසින් මනාව සැලසුම් කර 1952 දී නිම කර ලංකාව ලොව දියුණුම රටක් කිරීමේ ව්‍යාපෘතිය කොළඹ ක්‍රමය ( Colombo Plan ) අතුරුදහන් කර දැමුවා.ඒ අතර ඔවුන් අතරින්ම මතුවූ උගත් කපටි පුද්ගලයෙකු 1956 දී නිල් පාට පක්ෂයක් හදා තම ජාවාරම ආරම්භ කලා. මෙසේ UNP සහ SLFP ලෙස ජනතාව මන්ද බුද්ධිකයන් ලෙස දරුණු අයුරින් කුළල් කා ගනිද්දී, එසේ ජනතාව කොටවන උන් SIR ලා MADAM ලා BABY ලා හාමුලා වී ඉතාම පහත් දුර්ජන ලෙස ධනය සහ කීර්තිය මහා පරිමාණයෙන් ගොඩ ගසා ගත්තා. නීතිය සාධාරණය සහ යුක්තිය මෙන්ම අවංක රාජ්‍ය සේවය (CIVIL SERVANTS) උන්ගේ බලය ධනය සහ කපටි කම් හමුවේ නැවී තැලී පොඩි වී කැඩී බිඳී ගියා. නිල් පාට ජනතා කොටවන්නාගේ ක්‍රියා කලාපය තමන්ට විශාල පාඩුවක් කරන හෙයින් කොළපාට ජනතා කොටවන්නන් විසින් සිවුරු හැඳගත් චරපුරුෂයන් යොදවා 26.09.1959. දින වෙඩි තබා ඝාතනය කර දැමුවා. ඉන්පසු අගමැති කම පක්ෂ ව්‍යවස්ථාවෙන් උරුම මෛත්‍රීපාල සේනානායක ට නොදී ඔහුගේ බිරිඳ කූට උපක්‍රමයෙන් ගත්තා. මාරුවෙන් මාරුවට සේනානායක පවුලේ සහ බණ්ඩාරනායක පවුලේ නෑදෑ හිතවතුන් සහ හෙංචයියන් රට ජාතිය ආගම බොරුවෙන් හොරකමෙන් කුමන්ත්රණයෙන් සහ අපරාධයෙන් විකුණන් කද්දී__ තවත් මන්ද බුද්ධික කපටි කළු සුද්දෙකු වූ පටබැඳිගේ ඩොන් නන්දසිරි නමැත්තා රෝහණ විජේවීර නමින් රහසිගතව සංවිධානය වී ඔහු වැනිම අය ලං කරගෙන,කොල නිල් දුර්ජන යන් නිසා දහදුක් විඳිමින් සිටි ගම්බද සහ නාගරික දුප්පත් තරුණ තරුණියන් මුලාකරන 1971 ත්‍රස්තවාදය ඔවුන් අතට දුන්නා. බලය ගැනීමට එකම මග සමූහ මිනිස් ඝාතන සහ රජයේ දේපළ විනාශ කිරීම් බව ඉගෙන ගත් මේ තරුණ තරුණියන් 1971 අප්‍රියෙල් ගුවන්විදුලි සංස්ථාවේ මරණ දැන්වීම් ඔස්සේ,__ "ජේ.වී.පී.අප්පුහාමි මියගියා.සියළු නෑදෑ හිතවතුන් මේ කණගාටුදායක නිවේදනය පිලි ගනිත්වා. භූමදානය ___,04.1971. දින 04.00 ට සිදුකරනු ලැබේ" පණිවිඩයට අනුව ක්‍රියාත්මක වෙද්දී හමුදා සහ පොලීසි වල පතරොම් වත් තිබුනේ නැහැ. නමුත් වැල්ලවාය නායකයා 04.00 යන්න පෙරවරු සිතා පාන්දර හතරට වැල්ලවාය පොලීසියට පහරදී එය යටත් කලා. නමුත් එමගින් සැලසුම් එළිවී පැය 12 ක් ඇතුලත USSR රජය විසින් සියළු අවි ආයුධ සහ උපදෙස් සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ ත්‍රිවිධ හමුදා සහ පොලීසිය වෙත ලබා දුන්නා. මාස දෙකක් ඇතුළත සමූහ මිනිස් ඝාතන රැසකට පසු කැරැල්ල මර්ධනය කර රෝහණ විජේවීර ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කලා. පසුව රජයේ ප්‍රබල ඇමතිවරු බවට පවා එම කැරැල්ලේ මූලික විත්තිකරුවන් පත්වුණා. ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් අනුකම්පා කර නිදහස් කල රෝහණ විජේවීර ඔහුට ම 1988 දී තම සගයන් ලවා බෝම්බ ගැස්සුවා. ජේ.ආර්. විශ්‍රාම ගෙන රණසිංහ ප්‍රේමදාස නමැත්තා ජනාධිපතිධූරයට පත් කලා. ලොවම කම්පාවට සහ පිළිකුලට පත් කරමින් විජේවීර පැටව්, ප්‍රේමදාස පැටව් එකිනෙකා මරා ගනිමින් මේ රට සිංහල බෞද්ධ රාජධානිය යන ගෞරවය මකා ම්ලේච්ඡ දේශපාලන ඝාතකයන්ගේ දේශය ලෙස AMNESTY INTERNATIONAL REPORT වැනි ස්වාධීන මාධ්‍යයන් හරහා ලෝක ප්‍රජාව වෙත ගියේ ඔවුන් දැඩි පිළිකුලට පත් කරමින්... විවිධ නම් වලින් සහ කල්ලි වලින් තරඟයට සමූහ මිනිස් ඝාතන කල, එදා මහා පව්කාර මිනීමරුවන් වූ මේ කොල නිල් සහ රතු මිනීමරුවන් අද සිටින්නේ කොහෙද ?
බුද්ධිමත් සහ අවංක සොයුරු සොයුරියනි දෙමාපියනි ! අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිගවීම ලොව දියුණුම රටවල පවා දැන් සිදුවෙනවා. වසංගත රෝග සෑම රටක්ම ලොකු දුප්පත් කමකට හා දුකකට ඇද දැමුවා. හෙට යුද්ධයකින් තෙල් ලිං කීපයක් ගිනි ගත්තොත්__ තෙල් සම්පත් ඉවර උනොත්______ නීච පහත් දුර්ජන පක්ෂ අයිතිකරුවන් විසින් දුප්පත් අසරණ ගැහැණු පිරිමි උසිගන්වා රාජපක්ෂ පවුලට, ප්‍රේමදාස පවුලට, සේනානායක පවුලට,හෝ බණ්ඩාරනායක පවුලට නින්දා අපහාස කිරීම පහත් නීච පව්කාර ක්‍රියාවකි. "මල්ලී උන් ඔක්කොම යාළුවො මල්ලි" කතාවේ ලොකු ඇත්තක් තිබේ. පක්ෂ අටවා ගත් කොල නිල් රතු කපටි දුර්ජන පුද්ගලයන් ඔවුන්ගේ නෑදෑ හිතවතුන් සහ හෙංචයියන් මෙතෙක් කලේ බොරුවෙන් හොරකමෙන් කුමන්ත්රණයෙන් සහ අපරාධයෙන් රට ජාතිය ආගම විකුණන් කාපු එක පමණයි. ඒ අතරින් අවංකව නිවැරදිව එකම එක සේවයක් හෝ කලානම් ඒ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ බව මම අවධාරණය කර කියන්නේ ඔවුන්ට ගැති නිසා හෝ ඔවුන්ගෙන් වාසි ලබා හෝ නොවේ. එය පැහැදිලි සත්‍යයක් නිසාය.
දැං හොඳට හිතන්න. සිංහල චන්ද දායකයින් ලක්ෂ 120+ සිටී මෙතෙක් කොල නිල් ලෙස දෙකට බෙදී කුලල් කා ගත් ඔබ__.ඔබගේ චන්ද ශක්තිය 60% ට වඩා අඩු කරගෙන මනාලෙස සංවිධානය වූ ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ අභියස දනින් වැටුනා. අද ඔබ දුක් කරදර කම්කටොලු මැද අදූරදර්ශීව තුනට බෙදී කුළල් කා ගත්තොත් ! ? ඔබගේ චන්ද ශක්තිය 40% දක්වා පමණ අඩු උනොත් කිසිදු යුද්ධයකින් තොරව සදහටම ඔබ දේශපාලනිකව පරාජය වෙනවා.
කොල නිල් රතු පක්ෂ වල අයිතිකරුවනි , ඔවුන්ගේ නෑදෑ හිතවතුනි, විවිධ වාසි පතා ඔවුන්ට උදව් කරන ගරු හෙංචයියනි ! වහාම ඔබේ නින්දිත නීච අධාර්මික ක්‍රියා දාමය නතර කර ඔබ රටට ජාතියට ආගමට ආදරේ නම් අලුත්ම පක්ෂය වූ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ට( SLPF) අවංකව එකතු වන්න.නැතිනම් 1948 සිට සිංහල ජාතිය විකෘති කරමින් වැනසූ ඔබේ පාපිෂ්ඨ දේශපාලනය වහාම නතර කරන්න.සියලුම සිංහල බුද්ධිමත් සොයුරු සොයුරියනි දෙමාපියනි ! ඔවුන් එය අවංකව නිවැරදිව නොකරනවා නම් වහාම ඔබ තුනට නොව දෙකට වත් නොබෙදී , ප්‍රේමදාස පැටව්, බණ්ඩාරනායක පැටව් සැම දෙන මහින්ද පැටව් සමග අවංකව එකතු වී පක්ෂ දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර දමන්න. ශ්‍රීලංකාව පුරා ඇත්තේ එකම පක්ෂයයි ! සෑම තනතුරකට ම පත් කරන්නේ සුදුසුකම් ඇති නිවැරදි ගුණ යහපත් අය පමණයි. සැබැවින්ම 1948 ජනවාරි වලත් තිබුණේ එවැනි නිවැරදි අවංක ආණ්ඩුවක්... ජනාධිපතිවරයා පමණක් මහජන චන්දයෙන් වසර පහකට වරක් පත්කරන්න. ඔහු විසින් සුදුසු කම් මත අවංකව නිවැරදිව පත් කරන සුදුසු කම් සහ ගුණ ධර්ම ඇති, ධූර කාලය එක්වරකට සහ අවුරුදු 5 කට පමණක් සීමා කෙරුණු ඇමති වරු 20 කට අඩු ප්‍රමාණයක් සමග අවංකව නිවැරදි රාජ්‍ය නිලධාරීන් ලවා රට පාලනය කරන බුද්ධිමත් අවංක සහ නිවැරදි ආණ්ඩුවක් බිහි කරගන්න. ශ්‍රීලාංකික දුප්පත් ජනතාවගේ මාරක සතුරන් වූ පලාත් සභා ප්‍රාදේශීය සභා සම්පූර්ණයෙන්ම අහෝසි කර දමන්න. ඔබට පුළුවන් හොඳටම පුළුවන්... සිංහල චන්ද දායකයින් ලක්ෂ 120+ න් 119+ ක් වත් අවංකව අලුත්ම පක්ෂයට එකතු වී කටයුතු කරන්න. ද්‍රවිඩ සහ මුස්ලිම් අවංක නිවැරදි අය ඉන්පසු ඔබට එකතු වේවි.
ඔන්න ඔය ටික කලොත් එකම පක්ෂයක් එකම නීතියක් එකම රටක් යටතේ සිංහල දෙමළ මුස්ලිම් ගුණ නුවණ ඇති තරුණ තරුණියන් ලෝකයේ විශිෂ්ඨතම සමාජය සහ රට බිහි කරනු නියතය. ඔබ එය වටහා නොගන්නේ ඇයි ? නිරතුරුවම කොල නිල් රතු පක්ෂ අයිතිකරුවන් සහ උන්ගේ නෑදෑ හිතවතුන් සහ උන් විසින් කුලියට ගත් පාපතර හෙංචයියන් ඔබගේ සිහියට බුද්ධිය විවිධ සූක්ෂම උපක්‍රම මගින් විකෘති කරන හෙයිනි. උන් සියලු දෙනාගෙන් අවංකව ඈත්වී ස්වාධීනව සහ අවංකව සිතන්න.
ශ්‍රී ලාංකිකයනි ඔබට බුදු සරණ හැර අන් සරණක් නැත. එය කාදිනල් තුමාද ගැඹුරින් තේරුම් ගෙන මාධ්‍යය ට කීවා මතකද ?
එහෙත් ඔබ විලාප තියන ගානේ,ඔබ පූජා පවත්වා කන්නලව් කරන ගානේ ඔබට පිහිට වීමට කිසිම බුදු කෙනෙකුට හෝ දෙවියෙකු ට නොහැක. මන්ද විශ්වයේ නිවැරදි වූ අපක්ෂපාතී වූ අවංකවූ කර්මාධිකරණයට දෙවියන් බුදුන් පවා යටත් වන හෙයිනි. ඔබ අවංකව නිවැරදිව පංච ශීලයවත් රකින්නේ නැත්නම් දෙවියන් බුදුන් සම්පූර්ණයෙන්ම ඔබගෙන් ඉවත්වනු ඇත. "අසේවනාච බාලානං" යනු බුදුන් දෙසූ බුදුනුත් සියලු සම්‍යක් දෘෂ්ඨික සත්ත්වයෝත් පිළිපදින උපදේශයකි. දෙවියන් බුදුන් නැති තැන යකුන් භූතයන් ප්‍රේතයන් සහ තිරිසනුන් රජ කරයි. අද විවිධ දේශපාලන ධාරාවන් කරා ඔබ මෙහෙයවන්නේ එකී සතර වර්ගයයි.
මේ සිදුවන දේ තේරුම් ගෙන මිදෙන්න අඳුරින් ! එන්න ආලෝකය දෙසට විවෘත මනසින්...
Comments