Organic cultivation copied from National Development Media Center, Srilanka.
I copy and share this post because of its excellence.
කාබනික වගාවේ ඉදිරි පියවර
රසායනික පොහොර ආනයනය තහනම් කරමින් වත්මන් රජය විසින් මෙරට තුළ යළිත් කාබනික කෘෂිකර්මාන්තයට දොරගුළු විවර කොට තිබේ. එහෙත් කාබනික පොහොරින් වැඩි අස්වැන්නක් සපයා ගත නොහැකි බව පවසමින් මේ වන විටත් ගොවීන් ඇතුළු පිරිසක් පාරට බැස ඇත. සත්‍ය ලෙසම කාබනික පොහොරින් වගා කළ නොහැකි ද වැඩි අස්වැන්නක් ලබා ගත නොහැකි ද යන්න විමසා බැලිය යුතු කරුණකි. ශ්‍රී ලංකාව වැනි රටක සිදු කළ නොහැකි වගාව වන්නේ රසායනික කෘෂිකර්මාන්තය.
රසායනික කෘෂිකර්මාන්තය අවශ්‍ය යැයි පවසන ගොවියෙන් ඉල්ලනුයේ විදෙස් රටක බහු ජාතික සමාගමක් විසින් නිපදවන ලද පොහොරය. වල් පැළ නාශක සඳහා ඉල්ලන්නේ ද එවත් සමාගමක් විසින් වල් පැළ නාශක සදහා යොදනු ලබන කෘෂි රසායනික ද්‍රව්‍යයන්ය. රසායනික පොහොර යනු ශ්‍රී ලංකාවේ නිපදවා ගත නොහැකි එසේ නිපදවීමට කිසිදු තාක්ෂණයක් ද නොමැති පොහොරකි.
මෙම ගැටලුවේ දී ගොවි මහත්වරුන් අසරණ වී ඇති බව පෙනේ. ගොවි උපදෙස් සහ තාක්ෂණික උපදෙස් සපයා දීම සඳහා රජයේ වෙනම වැඩ පිළිවෙළක් තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේද ඒ සදහා ව්‍යාප්ති සේවයක් තිබේ. විද්‍යාඥයන්ගේ තාක්ෂණික දැනුම එම මට්ටමේ සිටික ගොවියා වෙතට ගෙන වලට වැඩපිළිවෙළත් රජය විසින් සැලසුම් කර ඇත්තේද කෘෂි උපදේශතවරුන් යොදා ගනිමිනි. වර්තමානය වන විට එය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබේ.
රසායනික පොහොර තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව සාගතයකට යන බව උද්ඝෝෂකයන්ගේ ප්‍රධාන උද්ඝෝෂණ පාඨයකි. මෙවර රසායනික පොහොර හිඟ වූයේ රජයේ රසායනික පොහොර ආනයන තහනම හේතුවෙනි. එහෙත් රට තුළ කාබනික පොහොර සකසා ගෙන ඊළඟ කන්නය වෙත යෑම රජයේ අරමුණ වී තිබේ.
කාබනික පොහොර සැකසීම සඳහා රට තුළ ඕනෑ තරම් අමුද්‍රව්‍ය ඇත. කාබනික පොහොර අපනයනය කිරීමට තරම් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ඇත්තේද, ශ්‍රී ලංකාව නිවර්තන තෙත් කලාපීය රටක් සහ දූපතක් හෙයිනි. චීනය, තායිවානය, ජපානය, කොරියාව වැනි ලෝකයටම මුහුදු වල් පැළෑටි නිෂ්පාදනය කරනු ලබන රටවල් ලෝකයටම කාබනික පොහොර අපනයනය කරනු ලබයි. ලෝකයේ විශාලතම මුහුදු වල් පැළෑටි නිෂ්පාදනය කරනු ලබන රට චීනයයි.
ශ්‍රී ලංකාව තුළ ද මුහුදු වල් පැළෑටි, ජලජ වල් පැළෑටි වියළි කලාපයේ වැව් සහ ඇළ මාර්ගවල ඕනෑ තරම් ජලජවල් පැළෑටි තිබේ. මේවා ඉවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලිය විශාල මුදලක් වියදම් කරනු ලබයි. මෙම වල් පැළෑටිවලින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ අනුරාධපුරය වැනි ප්‍රදේශවල මෙම වැඩපිළිවෙළ ආර්ථික වී ඇති ආකාරය දක්නට ලැබේ. මේවාට තවමත් ප්‍රසිද්ධියක් ලැබී නොමැති අතර ප්‍රසිද්ධියක් ලැබෙන්නේ රසායනික පොහොර ඉල්ලා කරන උද්ඝෝෂණ වලට පමණි.
අලුත් ග්‍රාමීය කර්මාන්ත වල නිරතවන ගම්වල ජනතාව ජපන් ජබර සහ සැල්වීනියා විකුණා අලුත් ආදායම් මාර්ගයක් උත්පාදනය කරගෙන තිබේ. මෙවැනි පරිසර හිතකාමී අමුද්‍රව්‍ය නිෂ්පාදනය ආරම්භ වී තිබිය දී අඩු ආදායම්ලාලාභීන්ට රැකියා මාර්ගයක් ඇති වී තිබෙන වකවානුවක ඒවා නැති කොට නැවතත් රසායනික පොහොර වෙත යෑම මුග්ධ ක්‍රියාවකි. මෙරට මුදල් පිටරට යෑම, පරිසර හානිය, සෞඛ්‍ය හානිය නිසා ඖෂධ ද පිටරටින් ගෙන ඒමට සිදු වීමද මෙහි අතුරුඵලයක් වේ. මේ නිසා පරිසරය නිවැරැදි කිරීම සඳහා වැය වන වියදම ද අති විශාලය.
රජය විසින් කාබනික කෘෂිකර්මාන්තය රැගෙන ඉදිරි යට යන ලද්දේ මෙය කළ නොහැකි යැයි පවසන පිරිසක් සමඟිනි. රජයේ ඇතැම් විද්‍යාඥයන් විසින් සමාජ මාධ්‍ය තුළ ද මෙය කළ නොහැකි බව ප්‍රසිද්ධියේ පවසන ආකාරය දක්නට ලැබිණි. ඇතැම් ව්‍යාප්ති නිලධාරීහු ද මෙය කළ නොහැකි බව පවසමින් ගොවියන් පසුගාමී කළහ. මෙම කාබනික වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රජය කළ යුත්තේ මෙය කළ හැකි යැයි දැඩි ආත්ම විශ්වාසයක් ඇති විද්‍යාඥයන් සහ ව්‍යාප්ති සේවකයන් යොදා ගැනීමය.
පස සහ ජලය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පවත්වා ගෙන යාම කෘෂිකර්මාන්තයේ රඳා පැවැත්ම තීරණය කරනු ලබයි. රසායනික ද්‍රව්‍යවලින් මෙම සම්පත් දෙක විනාශ වේ. මේ නිසා පස සහ ජලය විනාශ කොට ගෙන යන කෘෂිකර්මාන්තයක දී කෙදිනක හෝ තිරසර කෘෂිකර්මාන්තයක් කළ හැකි නොවේ. තිරසර කෘෂිකර්මාන්තයක් කළ හැක්කේ පරිසර හිතකාමී අමුද්‍රව්‍යවලින් පරිසර හිතකාමී ක්‍රම වේද තුළින් කරනු ලබන වශා ක්‍රම උපයෝගි කර ගැනීමෙන්ම පමණක් වේ.
නිරෝෂි ආරියරත්න
ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය
Comments