PRESIDENT,MPP, OFFICERS AND CITIZENS ... UNDERSTAND BETTER


RHMCT RATNAYAKE

🌅🌍🌳🏞️🌈🌾🇱🇰 ජනාධිපති තුමනි,

 විජය රජුගේ සමයේ පටන් මේ රට විදේශ ආක්‍රමණිකයන් විසින් කොල්ලකා ඇත.ඒ සැම පරදමින් සිංහල බෞද්ධ රාජධානියක් වී ඉදිරියට ඇදී ආ රට පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි හමුදා විසින් නිර්දය ලෙස කොල්ලකෑ පසු 1948 දී කළු සුද්දන් විසින් කූට උපක්‍රමයෙන් රැගෙන අද තත්ත්වයට පත්කර ඇත.ඔබතුමා කොහොමද මේ රට හදන්නේ ? මුළු ලොවම කරන්න බෑම කියපු වැදගත්ම යුතුකම් කීපයක්, රටේ සිටින ද්‍රෝහීනුත් බාධා කරද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඔබ සාර්ථකව කලා.එහෙමනම් ඔබතුමාට බැරි උනොත් නිල් කොළ රතු කිසිම කෙනෙක් හෝ වෙනත් ඔය බලයට එන්න දඟලන ජාවාරම් කාරයො හෝ කරන්නේ නෑ.කරන්න බෑ නෙමෙයි කරන්නේ නෑ. උන්ගේ ජානවල රට ජාතිය ආගම ගැන පිරිසිදු නිවැරදි අවංක හැඟීමක් නැහැ. අපි පටන්ගමු. මුලින්ම අර්ධ විධායක නෙමෙයි ඔරිජිනල් පූර්ණ විධායක බලතල සහිත ජනාධිපති ධූරය ජනමත විචාරණයක් මගින් ගන්න. ඊලඟට වසර දෙකක් පාලන කාලය දිගු කරන්න. සෑම ග්‍රාම නිලධාරි වරයෙකුටම අණ කරන්න තම වසමේ අභිවෘද්ධිය ට අදාලව සම්පූර්ණ වාර්තාවක් අවංකව නිවැරදිව අප්‍රමාදව දෙන්න කියලා.වහාම කල යුතු දේ සහ වහාම නතරකල යුතු දේ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් සහ මූල්‍ය ආධාර යටිතල පහසුකම් අවශ්‍ය අය ආදී තොරතුරු... ප්‍රාදේශීය ලේකම්ලාට සහ දිසා ලේකම්ලාට අණ කරන්න විරාජමාන වෙමින් ඔවුන්ව පාලනය නොකර ඔවුන්ට අවංකව අතහිත දෙන්න කියලා. රජයේ හෝ පෞද්ගලික අංශයේ කොතනක හෝ අසත් නුසුදුසු නිලධාරීන් සිටිනවා නම් වහාම සේවයෙන් පහ කර සුදුසු අය පත් කරන්න. මන්ත්‍රීලාට සහ ඇමතිලාට අණ කරන්න රජයේ සේවකයන්ගේ රාජකාරි වලට මොනම ආකාරයකින් වත් ඇඟිලි ගැසීම බරපතල වරදක් කියලා.
ඉන්පසු සම්පත් සියල්ල රජයට පවරා ගෙන සමසේ බෙදන්න. නීතිය සැප ධනය වගෙම දුකත් සැමට සමසේ එකසේ දෙන්න.බැරි නැහැ පුළුවන්. පඳුරක් ගානේ විවිධ සංවර්ධන නිලධාරි සහ උගතුන් ඉන්න රටක් සංවර්ධනය නොවන්නේ මේ කාලකණ්නි මැති ඇමතියන් නිසා සහ නරුම නිලධාරීන් නිසා තමා. ඊලඟට බිම් අඟලක්වත් පිටරටට නොවිකුණා බදු නොදී අපේ පාරම්පරික ගොවීන්ට වගාව සඳහා පමණක් බෙදා දී අවශ්‍ය තාක්ෂණය හා යටිතල පහසුකම් දී එම කෘෂි නිෂ්පාදන අපනයනය කරන්න බැරි නම් අදාල අමාත්‍යාංශ සහ ආයතන වහල ඒවයෙ ඉන්න කාලකණ්නි කුඹුරු කොටන්න දාන්න. මහන්සියට කුලී ගෙවන්න. මොකද උන්ගෙ උපාධි සහතික නඩත්තු කරන්න තවදුරටත් මේ රටේ වැඩ කරන ජනතාවට බැහැ. එලෙසම මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ග්‍රාම නිලධාරීන් සේම බලගන්වන්න. බෞද්ධ භික්ෂූන් ඇතුළු සියළුම ආගමික පූජ්‍ය පක්ෂයට අයත් සැමට දේශපාලනය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න. මඩ ජඩ මාධ්‍ය කරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර නගර ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා කම්කරුවන් ලෙස යොදවන්න. කූට උපක්‍රමයෙන් සැලසුම් කර ධනය ගොඩගසා ගත් ධනකුවේරයන්ගේ දේපළ රාජසන්තක කර ඒවාද විවිධ අයුරින් ලැබෙන ජාතික ආදායම ද සැමට සමසේ බෙදන්න. මැණික් ඇතුළු භූමි සම්පත් අපනයන ද්‍රව්‍ය ආදී සෑම සම්පතක්ම රජය සතු කර සැමට සමසේ බෙදන්න. පක්ෂ දේශපාලනය මුලිනුපුටා සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට අධිෂ්ඨාන කරගන්න. ඕනෑම මන්ත්‍රීවරයෙකුට එම ධූරය දැරිය හැකි උපරිම කාලය එක්වරක් පමණක් සහ වසර පහක් ලෙස නීති සම්මත කරන්න. පවුලේ නෑදෑ හිතවතුන් ට එයට ඉදිරිපත් වීම හෝ නැදෑ හිතවත් සංග්‍රහය තහනම් කරන්න.
මෙවන් යුතුකම් අවංකව නිවැරදිව අප්‍රමාදව සහ ප්‍රබලව ඉටු නොකර මිය යාමට ඔබ ලැජ්ජා වෙන්න.
2. මැති ඇමති ධූර දරන්නනි දරපු එව්වනි දරන්න බලාපොරොත්තු වන පුද්ගලයිනි ! ගරු වෙමින් විරාජමාන වෙමින් තව දුරටත් මේ රටේ දුප්පත් අසරණ ජනතාවගේ රීරි මාංශ නොකා එක්කෝ නිවැරදි වෙයව්. නැතිනම් ඉල්ලා අස් වෙයව්.
3. රජයේ සහ පෞද්ගලික අංශයේ විවිධ නිලතල දරමින් රට ජාතිය ආගම බොරුවෙන් හොරකමෙන් කුමන්ත්‍රණයෙන් සහ අපරාධයෙන් විකුණන් කන පුද්ගලයිනි ! තොපට කීමට ඇත්තේත්  2. ට කියූ දේමයි.

4. මහා ජනතාවනි.,කාලකණ්නි පක්ෂ අයිතිකරුවන් උන්ගේ නෑදෑ හිතවතුන් සහ හෙංචයියන් කර තබාගෙන විසින් ටොයියන් ජෙප්පන් සහ බයියන් වෙමින් කුළල් කා ගන්නා ඌණ මානසික ඌණ ශාරීරික සහ ඌණ අධ්‍යාත්මික නරුම අධම සිංහල නම් පමණක් ඇති ගණනින් ලක්ෂ 120+ ක්වූ සිංහල ලේබලය ගසා ගත් චන්ද දායකයනි ! නුඹලා සැබෑ සිංහලයන් නම්  පක්ෂ, ආගම්, සහ කුල භේද වහාම අවංකව නිවැරදිව අප්‍රමාදව අතහැර වහාම එකට එකහිතින් එකතුවී පාලනය සඳහා ග්‍රාම නිලධාරි ටත් යහපත් දිවි පැවැත්ම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා වත්, අධ්‍යාත්මික ගුණ වගාව සඳහා ගමේ පූජ්‍ය පක්ෂයේ නායකයාටත් අවංකව අතහිත දියල්ලා. පාරක් පාලමක් රජයෙන් හදන්නේ නැතිනම් _____ + සියලුම බදු රජයට නොගෙවා එකතුකර ඒ මුදලින් ඒක හදන්න තරම් බුද්ධිමත් වෙයල්ලා.
දූෂිත දුර්ජන නිලධාරීන් සොය සොයා ඉවත් කිරීමට ජනතාවගේ නායකයා වූ ජනාධිපතිවරයා සමග අවංකව අත්වැල් බැඳ ගනිල්ලා. එසේම කුඩ්ඩන් ස්ත්‍රී දූෂකයින් කසිප්පුවන් ගංජාකාරයන් වගෙම කුහක දුර්ජන විස්කි කාරයන්ද මෙරටින් තුරන් කිරීමට අධිෂ්ඨාන කරගනිල්ලා. ඒ වගෙම මීහරක් වගෙ දඟලන්නේ නැතිව ගෝඨාභය රාජපක්ෂ නරක නම් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස හෝ වෙන උඹලා රවටන ජාවාරම් කාරයො ඊට වඩා නරක බව බුද්ධිමත්ව තේරුම් ගනිල්ලා.මොකද ගෝඨාභය මන්ත්‍රීධූර දරමින් රට ජාතිය ආගම විකුණන් කෑවෙ නෑ. ඔන්න ඔය රචනාව තුල රටට වෙච්ච දේත් වෙන දේත් රට ජාතිය ආගම බේරාගැනීමට කල යුතුම දේත් රට නියම දියුණු රටක් කිරීමට කල යුතුම දේත් ඉතාම කෙටියෙන් කියනවා. පුළුවන් නම් පොතක් ලෙස මුද්‍රණය කරලා හැම පුරවැසියෙකුගෙම පිටේ අලවපල්ලා. මොකද සිංහල චන්ද දායකයින් ලක්ෂ 120 හරි නම් රටත් අනිත් සේරමත් හරි. ලොවත් හරි.  ඇයි උඹලා අමනයො වගෙ තුනට බෙදිලා ලක්ෂ120+  ලක්ෂ 40+ කරන්නේ ?  ස්වාධීන නිවහල් උසස් චන්ද දායකයින් ලක්ෂ 120+ ක් වෙලා ගොඩයනවද ? තුනට හතරට බෙදිලා කුළල් කා ගනිමින් මකබෑ වෙනවද ?  1948 ඉඳලම දුක්විඳින මේ රටේ දුප්පත් සිංහල පවුල් ටික ගැන හිතපල්ලා.
 හිතලා ප්‍රාදේශීය සභා පලාත් සභා කාලකණ්නි සහ පාර්ලිමේන්තු මැජික් කාරයෝ සේරම අතහැර ජනාධිපතිට පමණක් එකතු වී පක්ෂ ක්‍රමය තුරන් කර

ජනාධිපති = මහජනතාව
කියන නිවැරදි පාලන ක්‍රමයට අවංකව වරෙල්ලා. කාර්යාල නිලධාරීන් සංවිධායකල ඕනි නෑ. අවංකව සිත නිවැරදි කරගෙන එකට එකතු වෙයල්ලා.

https://www.facebook.com/groups/386080889593200/permalink/476278083906813/


Comments