RHMCT RATNAYAKE
රීඩර්ස් ඩෛජස්ට් යනු 1922 ආසන්නයේදී ඇමරිකා එක්සත් ජනපදයේ විසූ Lila Acheson Wallace සහ De Witt Wallace නම් ගුණ නුවණ ඇති තරුණ යුවලට පෙණුන සිහිනයකි. නගරවැසියන් ගේ කාර්යබහුල ජීවිත නිසා ඔවුන්ට හොඳ පොතක් පතක් කියවීමට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන් නිසා ලොව හොඳම ප්‍රකාශන වලින් උපුටා ගෙන අර්ථයට හානියක් නොවන සේ සංක්ෂිප්ත කොට ලිපි එකතුවක් සකස් කර ජනතාව අතර බෙදා හැරීම ඔවුන්ගේ සිහිනය වුණා... කෝ මුදල් ? මේ අහිංසක ගුණයහපත් යුවල සුදු කඩදාසි ගෙන අතින් ලියා අතින්ම පිටපත් හැකි පමණ සකස් කර කුඩා ලිපියකුත් සමග Reader's Digest , Vol.1 No.1 මාසික සඟරාව 1922 පෙබරවාරි මස ඔවුන් වාසය කළ වීදීයේ නිවෙස් වලට දමමින් ගියා... වාසනාවකට මෙන් ඇමෙරිකාව බෞද්ධ රටක් නොවුනත් විවෘත මනසක් ඇති ඒ අසල්වැසියන් ඔවුන් දෙපළට ආශිර්වාද හා ස්තූති කරමින් ඔවුන්ගේ ක්‍රියාව අගය කරමින් අවංකවම අත හිත දුන්නා. 1973 වන විට භාෂා 13 කින් රටවල් 119 ක ජනතා හදවත් බැඳගනිමින් එය ව්‍යාප්ත වුනා. අතේ ගෙන යා හැකි පුස්තකාලයක් බවට පත්වුණා. ශ්‍රීලංකා වේ සියලුම පුවත්පත් සඟරා වල එහි ලිපි වල පරිවර්තන නිතර නිතර පලවුනා. සුප්‍රසිද්ධ හිටපු ලේඛක දෙල්තොට චන්ද්‍රපාල මහතා හැකි හැම විටකම මරදාන පාරේ පදික වේදිකාව මත වෙළඳාම් කළ පරණ පොත් වෙළෙන්දන් ගේ පොත් ගොඩවල් අවුස්සා රීඩර්ස් ඩෛජස්ට් සඟරා ගෙන යාමට පුරුදුව සිටියා. මරදානේ නිව්කාන්ති ස්ටෝර්ස් උඩුමහලේ ඔහුගේ කාමරේ මේසය මත පිලිවෙලට තැබූ රීඩර්ස් ඩෛජස්ට් සඟරා ගොන්නක් බ්‍රිස්ටල් පැකට් කීපයක් ලයිටරය සහ මධුවිත බෝතලයක් නිතර දක්නට ලැබුනා. ඒ පරිවර්තනයේ සගයන් ලෙසයි.
විදුහල්පතිනියක වූ මගේ අම්මා මා පාසල් යන කාලයේ Reader's Digest මට හඳුන්වා දී එහි ORIGINAL මුද්‍රණය වූ Reader's Digest - U.S.Edition මට තැපෑලෙන් ගෙන්වා දුන්නා. ඇයගේ මරණය ගැන දැනගත් Reader's Digest කතෘ මණ්ඩලයේ සියලු දෙන තම කණගාටුව මවෙත ප්‍රකාශ කලා.
පොතක් කොපමණ වැදගත්ද ? එසේ නම් යාපනය පුස්තකාලය ගිනි තැබූ අය කලේ මොන තරම් පවක්ද අපරාධයක් ද ? කුඩා කල මම ආසාවෙන් කියවූ "ටිකිරි" පුවත් පත සහ තවත් පුවත් පත් රාශියක් සඟරා සහ සේවාවන් රැසක් ජාතියට දුන් සත් ගුණවත් M.D. ගුණසේන මුදලාලිගේ ස්වාධීන ප්රවෘත්ති පත්‍ර සමාගම නොහොත් "තුන් හෙළයේ මුර දෙවි" ලෙස ප්‍රචලිත වූ දවස පත්තර කන්තෝරුව සීල් තබා තහනම් කර එය විනාශ කර දැමූ සිරිමා බණ්ඩාරනායක සහ පිරිවර ගැන කිව යුත්තේ ද ඒ චෝදනාවමය. ඒ ගැන ලේක්හවුස් පත්‍ර සමාගම පළකල මරණ දැන්වීමක් Reader's Digest ආයතනය මගින් ලොවට දැන්වූ හැටි පිළිබඳ ඡායාරූපයක් මේ සමග ඇති. (Reader's Digest 1974 November) මුළු ශ්‍රීලාංකික සියලු දෙන සියලු දෙය නැගුවාට වඩා හඬක් ඒ පුංචි වර්ග අඟල් 5 ක් පමණ ලිපිය නැගූ බව සහතිකයි. මහත්මා පුවත් පත් කලාව,මහත්මා මාධ්‍ය වේදය එයයි.
මේ පෙබරවාරි මස අවුරුදු 100 සපුරන Reader's Digest ආයතනය සහ එහි සියළු දෙනාම වෙත මගේ ආදරණීය ශුභපැතුම් මම පිළිගන්වමි.
https://www.facebook.com/groups/1519349085026661/permalink/2753732604921630/
#RD.COM
Comments