සොයුරු සොයුරියනි දෙමාපියනි ! මේ රූපය දෙස හොඳට බලන්න, කියන දේ හොඳට අහන්න. මුල සිටම සිදු වූයේ මෙය නේද ? අපි මුලින්ම අපේ රට ගනිමු.ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රටක් වුවද මේ රටේ මිනිසුන් බෝවූ දා සිටම සිදුවූයේ මෙය නොවේද ? ජීවය ආරම්භ වූ දා පටන් සියළු සතුන් කරන්නේ මෙය නොවේද ? ප්රජාතන්ත්රවාදයට සහ සමාජවාදය ට මුල්තැන දෙනවා නම් නීතිය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතුයි. එහෙත් 1948 සිටම වරින් වර රටෙන් බාගයක් යට කර අනිත් බාගය මාරුවෙන් මාරුවට නැගී සිටියා. නැගීසිටි අය තෝරා ගත් පක්ෂයේ අයිති කරුවන් උන්ගේ නෑදෑ හිතවතුන් සහ හෙංචයියන් බොරුවෙන් හොරකමෙන් කුමන්ත්රණයෙන් සහ අපරාධයෙන් රට ජාතිය ආගම විකුණන් කෑවා. හරි නම් ශ්‍රීලංකා වේ සියලුම දේපළ සහ සම්පත් රජය සතු කර සැමට සමසේ බෙදිය යුතුයි.මැණික් මිනිරන් ආදී භූමි සම්පත් සහ අනෙකුත් අපනයන ද්‍රව්‍ය වලින් ලැබෙන මුදල් මහා භාණ්ඩාගාරය ට එකතු කර එමගින් මහජන සුභ සාධන අවංකව හා නිවැරදිව කල යුතුයි. සෑම පුද්ගලයෙකුටම භාවිතා කල හැකි භූමි ප්‍රමාණය සීමා කර ඊට වැඩි ප්‍රමාණය සමසේ ජනතාවට බෙදා දිය යුතුයි.පලාත් සභා ප්‍රාදේශීය සභා වහාම අහෝසි කර සුදුසුකම් මත නිවැරදිව සහ අවංකව තනතුරු ලැබෙන පරිපාලන ක්‍රමයක් සකස් කර මන්ත්‍රීවරුන් ගේ වරප්‍රසාද සහ බලතල අහෝසි කර එම තනතුරු අක්‍රිය කර රාජ්‍ය සිවිල් සේවක නිලධාරීන් ලවා සියලු දේ අවංකව නිවැරදිව කරවිය යුතුයි. එහෙත් ලංකාවට ලෝකය අතහැර ගමනක් යන්න බැහැ ලංකාවට කරන දේ ලෝක ආණ්ඩුවක් ඇති කර ලෝකයටම කල යුතුයි.ඉන්දියාවෙ දෑවැදි දෙන්න නැති නිසා ගැහැණු ළමයි ඉපදුනාම මරා දමන රටක් ! අභ්‍යාවකාශ යානා සහ යුද අවි සඳහා කරන වියදම් මෝඩි දන්නේ නෑ ?! චීනය එක් දරුවෙකුට වඩා හදන්න බෑ කියලා නීති දාලා අභ්‍යවකාශ යානා සහ යුද අවි සඳහා මොන තරම් වියදම් කරනවාද ? මහ පොළොවේ පැත්තක කන්න නැතිව මැරෙද්දි අනිත් පැත්තෙ පාටි දාන උන්ගෙ ආගම මොකක්ද ? උගත් උසස් ධනවත් යහපත් කියල කියා ගන්නා මේ පව්කාර රාජ්‍ය නායකයන් උන්ගේ හමුදා සහ ජනතාව අපි සැමගේ එකම නිවස වන පෘථිවිය වටා කක්ෂයේ භයානක අප්‍රසන්න කසල ගොඩවල් නිර්මාණය කරලා... දිනකට ඔක්සිජන් සහ වටිනා ද්‍රව්‍ය මොන තරම් විශාල ප්‍රමාණයක් මොවුන් පෘථිවියෙන් බැහැරට යලි කිසිදා නොලැබෙන ලෙස ගෙන ගොස් දමනවාද ? ඔවුන්ට එසේ කිරීමට ඇති අයිතිය කුමක්ද ? ඔබලාගේ යන්ත්‍ර සූත්‍ර මගින් පෘථිවියේ පරිසරයට වන හානිය ?!
ඒ සියලුම වංක අසත් වැරදි සහගත කටයුතු වහා නතර කර පෘථිවිය ආදරයෙන් සහ ගෞරවයෙන් අවංකව නිවැරදිව රැක ගනිමින් අවංක ගුණ නුවණ සපිරුණු මිනිසුන් ගෙන් සමන්විත ලෝක ආණ්ඩුවක් බිහි කර පෘථිවියේ සෑම සම්පතක් ම සමසේ බෙදා දීමට කාලය පැමිණ ඇති බව මම සියලුම පොළෝ වැස්සන්ට අවධාරණය කර ප්‍රකාශ කරමි. අවංකවද නිවැරදිවද අප්‍රමාදව ද එය නොකරන්නේ නම් ඔබලාගෙන් සහ ඔබලා අදහන කිසිම ආගමකින් මානව වර්ගයාට කිසිම වැඩක් නැති බවද මම අවධාරණය කර ප්‍රකාශ කර සිටිමි. මේ සත්‍යයට පිටුපා ඔබ කරන කිසිවකින් යහපතක් සිදු නොවේ ! සැබැවින්ම ඔබ ඉගෙන ගෙන ඇත්තේ මොනවාද ? ඔබ සැම පෘථිවියට කල දියුණුව කුමක්ද ???.
RD.COM
NATIONALGEOGRAPHIC.COM
https://rhmctr.blogspot.com
Comments